Thursday

නාට්‍ය හා රංග කලා චිකිත්සනය





       නාට්‍ය හා රංගන කලාව ශ‍්‍රී ලංකාවේ පාසල් වල සෞන්දර්යයාත්මක විශයයක් ලෙස විධිමත් ලෙසද ඉන් පිටත අවිධිමත් ලෙසද පවතින්නේ වුවද එහි විය යුතුම වූ රූපන චිකිත්සනය පිළිබඳව ප‍්‍රමාණවත් සැලකිල්ලක් දක්වා ඇති බවක් පෙනෙන්නට නැත. එහෙත් සංවර්ධිත රටවල මානව සම්පත් සංවර්ධනයෙහි ලා ප‍්‍රමුඛ උපයෝගීමය කි‍්‍රයාවලියක් ලෙස රූපන චිකිත්සනය පිළිගනු ලබන අතර ඒ සම්බන්ධ නිසි අවධාරනයෙන්ද කටයුතු කරන බව පෙනේ. එසේම සමාජ හා පුද්ගල සංවර්ධන අපේක්ෂාවන් මුදුන් පමුණුවා ගැනීම අරබයා එම ක්‍ෂේත‍්‍රය පුළුල් ලෙස පර්යේක්‍ෂණයට ලක්වෙමින් පවතී. 

      රූපන චිකිත්සනය නම් වූ මෙහි අන්තර්ගත වන්නේ නාට්‍ය හා රංග කලා චිකිත්සනය පිළිබඳ කැනඩාවේ අධ්‍යාපන ක්‍ෂේත‍්‍රයේ සිදු වූ පර්යේක්‍ෂණයක් ආශ‍්‍රිතව මතු කරගත් කරුණු ස්වල්පයකි. ඒ පිළිබඳ අවධානය යොමු කිරීමකි. වර්ථමානයේ පෘථුල ලෙස ව්‍යාප්ත වන උක්ත විශයය පිළිබඳ උනන්දුවන පර්යේක්‍ෂකයන් හා විද්වතුන්ගේ දැනුම් අවශ්‍යතා සපුරා ගැනීමට මෙය ඉවහල් වනු ඇතයි අප අපේක්ෂා කරමු. 




  •  න්‍යායයන් යනු මොනවාද?
  • නාට්‍ය අධ්‍යාපනයේ දාර්ශනික පසුබිම
  • රංග කලාව ප‍්‍රථිකාරක මාධ්‍යයක් ලෙස
  •  ඉගෙනුුම් ද්විධාංගකරනය
  •  නූතන අධ්‍යාපනය පිළිබඳ මතුවන එක් න්‍යයායාත්මක දෘශ්‍යමානයක්
  • සහජ රංගන නාට්‍යපිළියම් සහ ඉගෙනුම්
  •  ස්වයං සිද්ධ ගිනි පුපුරෙන් ඇවිලීයාම
  • බැමි දැවීම: රංගචිකිත්සාවේ හා මනෝනාට්‍ය තුල ස්වයං සිද්ධි රංගයේ උපකාරක තත්ව



1 comment:

gamaya said...

අගය කරමි.ඉතිරි ටිකත් ලියනවා නම් අපි කැමතියි