Thursday

අතථ්‍ය (Virtual) ප්‍රේමණීයත්වයේ වංචාව හඳුනාගන්න



"සායනික මනෝ විද්‍යාඥ යෙකු හා උපදේශන තීරු ලිපි රචකයෙකු ලෙස මගේ කාලය තුළ, බොරු කිරීමට, රැවටීමට හා වංචා කිරිමට බොහෝ ආකාර ඇති බව මම දැක ඇත්තෙමි. කෙසේවෙතත්, සමාජ මාධ්‍යවල පැමිණීමත් සමඟ නව්‍ය ආකාරයේ වංචාවට හා රැවටීමට ලක්විමේ හා ලක්කිරිමේ ප්‍රවනතාවයක් මතුව තිබේ." යනුවෙන් ඇමෙරිකානු මනෝ විද්‍යාඥවරියක වන ඇන්ඩ්‍රියා බොනියර් පවසන්නීය.


ඇයට අනුව ඒ් සමජ මාධ්‍ය වාහකය කරගත් අතථ්‍ය (Virtual)  හෙවත් ඩිජිටල් ලිංගිකත්ව හා ප්‍රේමණියත්වයයි. ඇයට අනුව මෙම ඇබ්බැහියෙන් මෝහනත්වයට පත් වී ඇතිකරගන්නා සමීප සම්බන්ධතාවයන් හේතුවෙන් පවුල් සංස්ථාව විනාශ වීම සමාජ කේද්‍රීයය අර්බුදයක් වි හමාරය. පුද්ගලිකත්ව සීමාවන් තුල සැඟව ගත් මෙය මේ මොහොත වන විට කෙතරම් සමාජ පිළලයක් වි ඇත්දැයි කිවහොත් බිඳවැටී ඇති පවුල් ජීවිත ප්‍රමාණය මිලියන ගණනකි. සම්මත විවාහයක හෝ බැඳීමක සීමාවන් උල්ලංඝනය කිරීම් අති විශාල ප්‍රමාණයකි.


ඇය තව දුරටත් මෙසේ දක්වයි. මුලික වශයෙන්ම  පෞර්ෂයය, අවශේෂ වශයෙන් සමාජීය දේශපාලනික සංස් කෘතිකමය හා ආර් ථික මය සාධකත් මෙයට අඩු වැඩි වශයෙන් බලපාන බව පෙනේ. හුදෙක් තථ්‍ය මය මානව අවශ්‍යතාවයන්  අතථ්‍යමය  ආකාරයෙන් සන්තර්පනය සඳහ විභවයක් සමාජ මාධ්‍ය ජාලා මත ගොඩනැගී ඇත. මෙයට ඇබ්බැහි වූවන්ගේ මූලික තර්කයක් වන්නේ තමා සිටින භෞතික සමාජ හැසිරීම තුල නොලබුනා යැයි මනසින්  අපේක්ශිත නිදහසයි. නැතිනම් විවෘත බවයි. අවශේෂ සාධකයන් ලෙස හෝමන ක්‍රියාකාරිත්වය වැනි මානව ජීව වදයාත්මක හේතු ඉදිරිපත් කරයි. මේ සඳහා හොඳම ස්ථානය ලෙස නිශ්චය  වන්නේ ඉහත සාධක සියල්ලෙන් අවම බලපෑමක් එල්ලවන අතත්‍ය ලෝකයයි.



ඇත්ත වශයෙන්ම, මෑත කාලීන පර්යේෂණ වලින් තහවුරු වී ඇත්තේ මෙම අරමුණ ඔස්සේ  ක්‍රියාකාරී සමාජ මාධ්‍ය  ඇබ්බැහි වූවන්  ඔවුන්ගේ සමාජ මාධ්‍ය භාවිතය නිසා තථ්‍යමය සම්බන්ධතා බිඳවැටීමේ  දැඩි අවදානමකට ලක්ව ඇති බවකි. එ පමණක්  නොව, මෙම ක්‍රියාකාරකම  තථ්‍ය සමාජමය වටිනාකම් බිඳවැටීමේ  අවදානමද සමඟ සැලකිය යුතු ලෙස සම්බන්ධ වන බවකි.



මෙම පරිශිලකයින් අතර වයස සීමාවන් දැක්විය නොහැකි වුවත් වඩාත් අවදානම් කණ්ඩායම ලෙස හඳුනාගෙන ඇත්තේ මැදි වයසේ එනම් විවාහ ජීවිතයේ ආරම්භක අවදිය පසුකරන ලද්දන් වීම විශේෂයකි.  තමන්ට විවෘතව කතා කල හැකි යැයි ස්වයං නිගමනයට අනුකූල වන සම හෝ විෂම ලිංගිකයා සොයාගැනීමේ ආශ්වාදජනක පියවරෙන් මෙම වංචාව ඇරඹේ. දුරස්ථව සිට මෘදු, පුද්ගල ආලවන්ත හැඟීම් හුවමාරුවීම් හා බෙදා ගැනීම් සිදුවන බව ආරම්භයේ දි තහවුරු වන අතර එහි අති අතථ්‍ය බව නිසා තමන්තේ භෞතික ආරක්ෂාව තහවුරු වන බවද මතුපිටින් පෙනේ.

දවසේ පැය 24ම නොඉවසිලිවන්තව හා කැලඹිලි සහිතව ඔබේ සහකරු සමාජ මාධ්‍ය පරිශිලනයේ නිරත වෙනු ඔබ දැක ඇත්ද?  ‌පෙර නොවූ වීරූ ලෙස කිසියම් සරල කාර්යයක නියලෙද්දී, නානකාමරයට යාමේදි, අහල පහලට යාමේදි අනිවාර්යයෙන්ම  ජංගම දුරකථනය රැගෙන යනු නිරීක්ෂනය වේද? එසේ නම් මෙම  ප්‍රශ්නය ඔබ සිතන තරම් සුළු නොවිය හැකිය.මේ සඳහා ලැබෙන පිළිතුර ඔබ සිතනවාට වඩා ‌බොහෝ බැරෑරුම් විය හැකිය.


යමෙකු සම්බන්ධතාවයෙන් පරිබාහිරව ලිංගිකව හැසිරුණත් නැතත්, හවුල්කරුවකුගේ සබැඳි ක්‍රියාකාරකම් ඔබගේ සම්බන්ධතාවයට තර්ජනයක් වන බවට ලක්ෂණ  හයක් මනොවිද්‍යාඥයෝ දක්වා සිටිති. 



(මම මෙහි "ඔහු" සර්වනාමය භාවිතා කරමි, නමුත් ඇත්ත වශයෙන්ම, අවිශ්වාසය ස්ත්‍රී පුරුෂ භාවය සහ ලිංගික දිශානතිය ඉක්මවා යන බව සැලකිය යුතුය.)

1.
ඔහුගේ කෙටි පණිවිඩ සංවාද වලදීඔබ ඇතුළු ලෝකය කෙරෙහි අවධානයකින් තොරව කටයුතු කරන අතර ඒ් සම්බන්ධව කිසිවක් කිසි විටෙකත් බෙදා නොගැනීමට වග බලා ගනී. නිරන්තර ස්මාර්ට්ෆෝන් භාවිතය ප්‍රේම සම්බන්ධතා තුළ නිරන්තර ආකර්ෂනයේ මූලාශ්‍රයක් විය හැකිය. ඔබ සමග තිබිය යුතු  පුද්ගල සංවාදයට වඩා උපාංගයක් සමඟ  සම්බන්ධව  සිටින පුද්ගලයා හා සංවාදය සිදුවන්නේ නම් එයින් ඇඟවෙන්නේ ඔබ සමග වෙන් වී සිටීමට ඔහුගේ ඇති නැඹුරුවයි. එසේම ඔබේ සහකරු ඔහුගේ උපාංගයට චිත්තවේගීයව ප්‍රතිචාර දක්වන විට හෝ ඔහුගේ මනසෙහි සිදුවෙමින් පවතින දේ පිළිබඳව මේ මොහොතේ ඔබට ඉඩ දීමට කිසිදු උත්සාහයක් නොගන්නා විට, එය ඔබ දෙදෙනා අතර ඉබේම  පවුරක් නිර්මාණය කරයි. තවද කිසිවෙකු අන්තර්ජාලය හරහා කරන සෑම දෙයක් ගැනම විවෘත පොතක් වනු ඇතැයි ඔබ අපේක්ෂා කිසිසේත්ම නොකළ යුතුය.  ඕනෑම හරවත් හා ඵලදායි  සම්බන්ධතාවයක සීමාවන් සහ යම් පෞද්ගලිකත්වයක් වැදගත් ස්ථානයක් ගනී. නමුත් ඔහුගේ ඩිජිටල් සංවාද නිතරම ඔහු ඔබ සමඟ සිටීම වළක්වන අතර, එම පරතරය පියවා ගැනීමට ඔහු කිසිදු උත්සාහයක් නොගන්නේ නම්, ඔහුගේ අවධානය සහ ප්‍රමුඛතා වෙනත් තැනක තිබිය හැකිය.

2.
සෑප පැයකදීම එනම් මධ්‍යම රාත්‍රියේ පවා ඔහු දුරකතනය ඔස්සේ සංවාද වල නියලෙන බව ඔබට නිරීක්ෂණය වේද? වසර විස්සකට පෙර,  ඇසුරු කල මිතුරෙකු හෝ දුර ඥාතියෙකු  රාත්‍රී 11 ට ඔබේ සහකරුට කතා කළ හැකි බවත් ඔබේ අවබෝධයේ තිබිය යුතුය. නමුත් ස්මාර්ට්ෆෝන් ඒ සියල්ල වෙනස් කර ඇති බවද ඔබ දැන සිටිය යුතුය.  එමගින් යමෙකුට කෙටි පණිවිඩ යැවීමට හැකි බවටත්, ඒ් සඳහා ප්‍රතිචාර දැක්වීමට හැකි බවත් සත්‍ය වුවත්   ඒ් සඳහා එලඹෙන ආකාරය නිරීක්ෂනය කිරීම වැදගත් වෙනු ඇත. අනිත් අන්තයෙන් රාත්‍රි කාලයේ සංවාද  වල දිර්ඝ පිළිතුරු අපේක්ෂාවන් තිබිය හැකිය. 
රාත්‍රි කාලයේ එන ඇමතුමක් හෝ පණිවිඩයක්  අනිවාර්යයෙන්ම සැලකිලිමත් වීමට හේතුවක් නොවේ. නමුත් ඔහුගේ මාර්ගගත සංවාද නිතිපතා රාත්‍රියේදී ඔබේ නිදන කාමරයට අනවශ්‍ය ලෙස පිවිසීම ආරම්භ කරන විට, ඔබ සමග ඇති සම්බන්ධතාවය අමතරව ‌වෙනත් වෙනත් සම්බන්ධතාවයක් අවම වශයෙන් දෙවනස්ථානයේ හෝ මතුව තිබිය යුතුය.

3.
ඔබ උදෑසන අවධිවන විට ඔබ දකින්‌නේ  ඔහු තම සමාජ ජාලව සමග පැටලී සිටින ආකාරයයි. නමුත් ඔහු ඔබව දුටු විට එය ඉක්මනින්ම එසේ නොසිටියා ලෙස සිටීමට උත්සහා ගනියි. වැඩි වැඩියෙන් මිනිසුන් තම සමාජජාලා සමග අථත්‍ය ලෝකයේ  නිදාගන්නට පුරුතු වූ විට නිරෝගී නින්දේ රටාවන් පෝෂණය නොකරන බවට සාක්ෂිවලින් පෙනී යයි.  මෙයට ඇබ්බැහි වූ ඔහු ට අළුයම 3 ට ෆේස්බුක් හි සැරිසැරීම කොකරම බැරි දෙයක් බවට පත් වූ අවස්ථා වේ.  ඔබ අවදි වන විට එය ඔබෙන් සැඟවීමට ඔහු උනන්දුවෙන්  උත්සාහ කරන්නේ නම්, ඒ මන්දැයි ඔබ කල්පනා කළ යුතුය.

4.
ඔහුගේ දුරකථනය හෝ අයිපෑඩය  නිතරම  ඔහු තමා සතුවම ලබා ගනියිද?. ඒ සමග දැඩි භෞතික සබඳතාවයක් පවත්වා ගනියිද? සරල හේතුවක් නිසා දරුවෙකුට හෝ එය අතපත ගෑමට ඉඩ නොදෙයිද? මෙය වැලක්වීම සඳහා නොයෙක් හේතු ඉදිරිපත් කරයිද? මේ ආකරයට  හැසිරෙන සහ එය සැඟවීමට උත්සාහ කරන පුද්ගලයින් සෑමවිටම එලිදරව් වීම වැලක්වීමට දැඩි විමසිල්ලෙන් පසුවන අතර ඔහුගේ ස්වයංක්‍රීය ශාරීරික හැසිරීම් වලදී ඔබට මෙය දැක ගත හැකිය. ඔහුගේ දුරකථනය ආරක්ෂා කිරීමට, බ්‍රව්සර් වැසීමට හෝ වෙනත් ඕනෑම සන්නිවේදනයක් බැලීම වැලක්වීමට ප්‍රබල ලෙස ඉදිරිපත්වන අතර වෙනත් අරමුණකින් හෝ පොදු කටයත්තකදී හෝ මෙම උපාංගය භාවිතා කිරීමට ඔබට සිදුවූ විට එය සිදුවන්නේ දැඩි කොන්දේසි හා නිරීක්ෂන මැද නම් ඔබ ඒ් පිළිබඳව සැළකිලිමත් විය යුතුය.

5
සමාජජාලා වෙබ් අඩවි පරිශීලකයෙක් ලෙස ඔහු තමන්ගේ ෆේස්බුක් වෝලයට අදහස් දැක්වීම හා විහිළු බෙදා ගැනීම ඔබ දකින අතර ඔවුන් කවුරුන්දැයි ඔබට අදහසක් නැත. බොහෝ අයට ඔවුන්ගේ සහකරුගේ මිතුරෙකු පමණක් නොව, ඔවුන්ගේම ෆේස්බුක් මිතුරන් හඳුනා ගැනීමට පවා නොහැකිය. අපගේ මිතුරු ලැයිස්තුවේ උපන්දා සිට එකට හිටි මිතුරන් මෙන්ම , මිතුරන්ගේ මිතුරන් සහ අහඹු පුද්ගලයින්  සිටිය හැකිය. ඔබට මෙන්ම ඔහුටද මෙය පොදුය. නමුත් යමෙකු ඔබගේ ඇයගේ මිතුරු ලැයිස්තුවේ විශේෂත්වයත් හිමිව ඇත්නම් ඔහු ඔබ සමග සම්බන්ධ වීමට ඇති මං අහුරන්නට උත්සහ කරයි නම් හෝ කර ඇත්නම්  සමීප සම්බන්ධතාවයක් තිබුන බව පෙනුනත්, ඔහු මෙම පුද්ගලයා ගැන කතා නොකිරීම සැබවින්ම සැඟවීමට යමක් ඇති බවට ලකුණක් විය හැකිය .

6.
ඔහු තම දුරකථනයෙන් ගතකරන කාලය පිලිබඳ සංවාදයක් මතුවූ විට ඔහු අස්වාභාවික ලෙස කෝප වන අවස්ථා තිබිය හැකිය .  මේ පිළිබඳ වද වෙමින් නොයෙක් අවස්ථා වලදී මෙම කරුණ ආරවුල් හා පටලවා ගත හැකිය. එසේම ඔබේ සමාජජාලා භාවිතය හා අතීත හැසිරීම් පිලිබඳව අවස්ථානුකූල නොව ලෙස අරවුල් හා ගැටළු ආරම්භ කිරීමට පෙළඹිය හැකිය. මේ අතර ඔහු තම දුරකථනයෙන් කොපමණ කාලයක් ගත කරනවාද යන්න ගැන එකදු සාකච්ඡාවක්වත් නොකරනු ඇත, . ඔහු මෙතරම්  මෙයට සංවේදි වන්නේ ඇයි? එය ඔහු දැනටමත් දන්නා දෙයකින් තමන්ව ආරක්ෂා කරන ලකුණක් විය හැකි අතර එය ඔබට දැනගැනීමට අවශ්‍ය නොවන දෙයක් බවට ඔහු තීරණය කොට ඇති බැවිනි.

No comments: