නිසලය, නිහඩය හිම


පරම්පරා දෙකක කවියක්

(චීන ජාතික Huang Ho Lang නම් කවියාගෙ Two Generation නම් කවියේ සිංහල අනුවාදය)

සරත් කාලය ගෙවී යන්නත් ළගයි,
 
වැව් තලය සඳ රැසින් දිදුලයි
උරහිසේ ගිනි අවියකින්ද යුක්ත ඔහු
අද පත්වීම් ලද තරුණ නයුවා
විශ්රාම ගත් පැරණි නයුවා සමග
පියවර තැඛෙයි
නිසොල්මන් ගම් පියස ඔබ්බට........

වා තලය කොයි තරම් නැවුම් සුවඳ
නැවුම් ගොයමේ නැවුම් සුවඳ

දිය ගෙනෙන උමං මං
රිදී දහරක් ලෙසින් දිදුලන

දොඩමළු වීය උන්
කඳු යායෙන් එපිට
දිවි පිදු විරුවන්ගේ
ගෞරවනීය සොහොන් කොත් අසල

මේ මගේ පියාගේ සොහොනයි
සත්තකට මගේගයෙක්ය ඔහු
තරුණයාගේ හද ගැස්ම ප්රානවත්
මහල්ලාගේ හද ගැස්ම වේගවත්

කියන්න මාමේ මා හට
නැග දරුණු ප්රහාරය ගැන
කෙලෙසද මා පියා නැගූනේ
මේ දරුණු කූල මුදුනට
නායකත්වයේ වගකීම සමග
රතූ ධජයද අතැතිව.........

මහල්ලාගේ ශක්තිමත් අත්ල මත
රතූම රතු පස් මිටක්..........
මේ පොළොව.............
මේ පොළොව රතු කළේ
නුඔ පියාගේ රුධිරයයි
මේ කඳු වැටිය අපේ වූවේ නිසයි
මේ තැනිතලා අපට ලැබුනේ එසේමයි 

කියන්න මාමේ මාහට
ඔබට ලැබුන සහයෝගය පිළිබඳ
සමහරු ආපහු හැරුනම
රඳවා ගන්න ඔබ තැබූ පියවර............

නැගී සිටි විටදි අපි ඉතාමත් ශක්තිමත්
කඳු මුඳුන වල ඇති තූරු හිස් සිසාරා
හමා ආවේ අපේ සහයෝගයයි
ඉහට ඉහලින් හිරුගේ සහයත්
පයට පහළින් පොළවේ සහයත්
නොමදවම ලැබුනෙ අපටයි
මහා සැර කූණාටුද
නිර්භීත සුළි සුළග
චන්ඩ වූ ගං වතූර
සියළු දේ අප උදෙසාම.....................

තරුණ හද පතුලටම කිඳා බැසගත්
වචනවල ප්රභලබව කෙතරම්ද
පෙනෙන තෙක් මානයේ නිසල බව
රැහැයි හඬල හඳ සිසිල අභිබවා..............

කරුණාකර පැමිණ
අප පෙරමුන වෙතත්
නායකත්වය දෙන්න

හෙට මුහුණ දෙන ප්රහාරය පුරාවට
සගයෙක්සේ මට එන්න ඉඩ දෙන්න
ඔබ ලබා ඇති හුරුව
මට වඩා වැඩි බවත් පිළිගන්න

නැහැ පුතා
සත්තකින්ම සෑම පරපුරකටම
තම බලකාය අත හැරීමට
යුතුකමක් නොමැත්තේමය
ප්රහාරය කොයි තරම් රළු වුවත්
මුහුණ දීමයි යුතූකම
තමයි
සොබා දහමේ නීතිය
නොනවතින විප්ලවයේ
අවශ්යතාවය

වානේ ගින්නෙන්
පන්නරය ලබන්නා සේ
කූණාටුව කොතරම් දැඩි වුවත්
යාත්රාව හැසිරවීමට
නාවිකයා උගත යුතූමය

මතක තබා ගන්න
මම ඔබේ අසලම සිටිමි
ඔබේ සහායක හැටියට...........

තරුණයාගේ ශක්තිමත් දෑත
මහල්ලාගේ උදාර දෑත මත
රෑ අහසේ තරු සේ එළිය දෙන
නෙත් යුවල් යුගල දිදුලන
අතීතයේ පයින් වදුලක නැගෙන
නැවුම් පැලයක් ලෙසින
අනාගතයට පියිඔන
බලාපොරොත්තූවේ
තරංගයක් ලෙසින.........
එකම පරපුරක
අධිෂ්ඨාන ශක්තිය
එකම නහරවල දුවන
එකම රුධිරය...........

විප්ලවීය විරුවන්ගේ
සොහොන් කොත් අභියස
ගෙවී යන
සරත් සමයේ රාත්රිය
එකම යදමින් බැඳුන
අධිෂ්ඨානය

මුළු මහත් නැගෙනහිර දේශයම
රතූ පැහැයෙන් බබලන තූරුම
උරෙනුර ගැටී ඉන්ද්රකීලය සේ
නොනැවතී ඉදිරියට........................

-ඉරිදා දිවයින-

මහද්වීපික වීමි

තුංග ගිර ඉඳ

වංගු බැසගෙන,

පුවක් මංඩිය

අසල නැවතුන,

කුඹුක්කන් ඔය

සිතේ ඇඳගෙන,

කවි පෙට්ටගමෙ

යතුර සොයනෙමි.....

 

බයිකාල් විල

මිදුන ඉවුරක,

බෝරියල් වන

අඳුරු ගැඹුරක,

සැවුලෙකුගේ

තනි පයින් එසවුන,

නිවහනේ

කවුළුවට බර වෙමි‍‍‍.......

 

මඩ වගුරු තල

දැදුරු කරමින‍‍‍‍,‍‍

වැදුනු හීසර

හිසත් සිඹගෙන,

පෙරැස් මුදුවේ

කිරණ විහිදන,

ගෙඹි කුමාරිය

එතැයි සිතුවෙමි‍‍‍......

 

 

ගිම්හාන

උණුසුමත් විඳ විඳ,

පුරුදු වුන හිම

කුණාටුව මැද,

මියෙන

පොප්ලර්

තුරු යුවල අද,

සිසිරයට පෙර

කපා හෙළුවෙමි.......

 


No comments: