![]() |
| Elsie Fisher as Kayla in the film “Eighth Grade.” |
නව
යෞවන වියේ පසුවන්නන් තම නිවසේ
දී මෙන්ම ද්විතීයික අධ්‍යපනය
ලබන ස්ථාන වලදී මානසික පසුබෑම්
වලට ලක්වන බව බහුල ලෙස දක්නට
ලැබේ.
සැබැවින්ම
ඔවුන්ට බලපාන බොහෝ ගැටලු වල
මූලාශ්‍ර ඇත්තේ එම අධ්‍යාපන
ක්‍රමවේදයේ හෝ පවුල් සැකස්මෙහි
නොව ඔවුන් සඳහා ඒ සඳහා
එළඹිමටත් පෙර සිට බව මනෝ
විශ්ලේෂකයො පෙන්වා දෙති. කෙසේ
වුවද අපගේ යෞවනයන් සඳහා ගැටලු
ඇති බව අප පිලිගත යුතුය. ඒ්
අතරින් විශාද හා කාංසා තත්වය
සුලු කොට තැකිය හැකි නොවේ. යෞවනයන්
තිදෙනෙකුගෙන් එක් අයෙකුට
විශාදය සඳහා සායනික මානසික
ප්‍රතිකාර සැලකිය යුතු මට්ටමකින්
අවශ්‍ය වේ. නවතම
සංඛ්‍යලේඛන අනුව ඔවුන්ගේ
සියදිවි නසා ගැනීමේ අනුපාතය
තුන් ගුණයකින් වැඩි වී තිබේ.
යෞවනයන්
සමඟ සිදුවන්නේ කුමක්ද යන්න
තේරුම් ගැනීමට නම් යොවුන්
විය කෙරෙහි අවධානය යොමු
කිරීම නුවණට හුරුය. අප
දන්නා පරිදි පිරිමි ළමයින්
ආක්‍රමණශීලී නමුත් වක්‍රව ඊටත්
වඩා යොවුන් වියේදී ආක්‍රමණශීලිව සිටින
ඊනියා නපුරු බාලිකා
සින්ඩ්‍රෝමය ගැන අප අවධානය
යොමු කිරීම අත්‍යවශ්‍ය ය. මක්
නිසාද යත් වඩාත් අවධානයට
ලක්විය යුතු මුත් එසේ නොවන දෘශ්‍යමාන
සංකේත ඒවා වන බැවිනි.
මේ
සම්බන්ධයෙන් අප පියවර ගත
යුතුව ඇත.
වාසනාවකට ඔබද යෞවන වයසේ
පසුවන්නකුගේ දෙමව්පියන්
හෝ වැඩිමල් සහෝදරයා හෝ සහෝදරිය ලෙස නිතිපතා
ඔවුන් සමඟ සමීපව කටයුතු
කරන්නේ නම්, ඔබ දැනුවත්
විය යුතු තොරතුරු සහ අනුගමනය
කළ යුතු උපාය මාර්ග තිබේ.
