Saturday

රන් පියුම, පද්ම තටාකය -රත්න ශ්‍රී විජේසිංහ



විරාජ් කරුණානන්ද ලියූ 
සඳපාන හා පතොක් රචනය මෙවර රන් පියුම සේ ඇගයෙයි. සෞන්දර්යයාත්මක කවක් සේ පෙනෙන මුත්, එමගින් පල කැරෙන වෙනත් සමාජාර්ථ ද නැත්තේ න
ොවේ. සඳ පහනේ අනුරාගය නිරූපනය කරන්නට ඔහු භාවතා කරන කාව්‍යෝක්තීන් රමණිය වේ. සඳපානට, දුෂ්කර, කටුක ජීවිත වෙනුවෙන් කල හැක්කේ කුමක්ද ? ජීවිතය සුපුෂ්පිත කරනු පිණිස ප්රේමය ප්‍රදානය කිරීමයි.   

සඳපාන හා පතොක්

සඳවතී,
නුඹේ ඔය
මනමාල ඉඟිපාන
අනුරාගී සඳපාන
හරි අගෙයි..................

අසල ඔය පෙම් මූන
නේක සිතුවිලි මැරුන
විතරාගි නෙතු දැහැන
සිල් බිඳෙයි....................

සියොලඟම කටු පිරුණ
බමර බිඟු මඟ හරින
මේ පතොක් ගස නුඹට
ආදරෙයි.......................

සියළු දුක් දවටාන
සමුඅරන් ගඳපාන
කම්කටොළු ඉවසාන
උන් ඉදියි.............................

සඳවතී,
සිහින පුබුදන්න
ඉඩදෙන්න
මුදු ලෙසින් පතොක් කටු
සිප ගන්න
පෙමට උන් නිතින
මල් ලබයි.....................................


(රාවය-07/12/97)

No comments: