Showing posts with label Asamath. Show all posts
Showing posts with label Asamath. Show all posts

Friday

වඩා අසමත් දේශපාලඥයන් ද ? නිලධාරින් ද ?

 

කවිනදී

ශ්‍රී ලංකාව තුන්වන ලෝකයේ රටක් ලෙස අසමත්ව එදත් අදත් හෙටත් පවතින්නට හේතු වී ඇත්තේ කුමන කරුණක් ද යන්නට අවධානය යොමු කිරීමේදී මුලින්ම ඇඟිල්ල දික්වන්නේ දේශපාලඥයන්  වෙතටය. මුල්ම ගල ගසන්නේද ඔවුන් වෙතටම ය. දේශපාලඥයන් වෙත මෙම චෝදනාව එල්ල කරනු ලබන්නේ සාමාන්‍ය ජනතාව විසිනි.  දේශපාලනඥ නොවන අන් සියල්ලෝම දැකිය හැකි මෙම සාමාන්‍ය ජනතා කුලකය තුළ වැඩකරන ජනතාව, රාජ්‍ය සේවකයා, ව්‍යාපාරිකයා, වෘත්තිකයා, නිලධාරි තන්ත්‍රය ආදි ලෙස උපකුලක රාශියක් දැකිය හැකි වුවත් චෝදනාවට සෘජුවම විත්තිකරුවන් වී ඇත්තේ දේශපාලනඥයන්ය.

එසේ චෝදනා කරන අතරම රටේ කාර්ය හා පිරිස්බල කළමණාකරණය මෙන්ම පරිපාලනයට අදාලව තීරණ ගැනීමට හා ඒවා ක්‍රියාත්මක කිරීමට සෘජුවම  කටයුතු කිරීමට බැඳී සිටින නිළධාරීන් පිළිබඳ අවධානය නොකිරීම විවාදාත්මකය. මෙම නිළධාරින් අතර සෘජු ලෙසම සිවිල් සේවයට සම්බන්ධ වූවන් පමණක් නොව වෛද්‍ය, කෘෂිකර්ම, නීති, තාක්ෂණ, ඉංජිනේරු, අධ්‍යාපන ආදී ලෙස විවිධ අංශ වලින් බඳවාගත් පිරිසක්ද වන බව අමතක කල නොහැකිය.  සැබැවින්ම මෙම අසමත් වීම් වලට දේශපාලනඥයන් පමණක්මද?

කෙසේ වුවද මෙවැනි දේ දෙස නිරීක්ෂණාත්මක බැලීම රාජද්‍රෝහී වරදක් නොවන බව අප අවබෝධ කර ගත යුතුය. කළමනාකාරිත්වය හෝ පරිපාලනය කිරීම කරන්නේ  සුදුසුම පුද්ගලයා විසින් සුදුසුම ආකාරයටද යන්න නිගමනය කිරීමෙන් පසු අසමත් කවුරුන්ද යන්න පැහැදිලිව අවබෝධ කරගත හැකි වනු ඇත.