Showing posts with label virtual. Show all posts
Showing posts with label virtual. Show all posts

Thursday

අතථ්‍ය (Virtual) ප්‍රේමණීයත්වයේ වංචාව හඳුනාගන්න



"සායනික මනෝ විද්‍යාඥ යෙකු හා උපදේශන තීරු ලිපි රචකයෙකු ලෙස මගේ කාලය තුළ, බොරු කිරීමට, රැවටීමට හා වංචා කිරිමට බොහෝ ආකාර ඇති බව මම දැක ඇත්තෙමි. කෙසේවෙතත්, සමාජ මාධ්‍යවල පැමිණීමත් සමඟ නව්‍ය ආකාරයේ වංචාවට හා රැවටීමට ලක්විමේ හා ලක්කිරිමේ ප්‍රවනතාවයක් මතුව තිබේ." යනුවෙන් ඇමෙරිකානු මනෝ විද්‍යාඥවරියක වන ඇන්ඩ්‍රියා බොනියර් පවසන්නීය.


ඇයට අනුව ඒ් සමජ මාධ්‍ය වාහකය කරගත් අතථ්‍ය (Virtual)  හෙවත් ඩිජිටල් ලිංගිකත්ව හා ප්‍රේමණියත්වයයි. ඇයට අනුව මෙම ඇබ්බැහියෙන් මෝහනත්වයට පත් වී ඇතිකරගන්නා සමීප සම්බන්ධතාවයන් හේතුවෙන් පවුල් සංස්ථාව විනාශ වීම සමාජ කේද්‍රීයය අර්බුදයක් වි හමාරය. පුද්ගලිකත්ව සීමාවන් තුල සැඟව ගත් මෙය මේ මොහොත වන විට කෙතරම් සමාජ පිළලයක් වි ඇත්දැයි කිවහොත් බිඳවැටී ඇති පවුල් ජීවිත ප්‍රමාණය මිලියන ගණනකි. සම්මත විවාහයක හෝ බැඳීමක සීමාවන් උල්ලංඝනය කිරීම් අති විශාල ප්‍රමාණයකි.


ඇය තව දුරටත් මෙසේ දක්වයි. මුලික වශයෙන්ම  පෞර්ෂයය, අවශේෂ වශයෙන් සමාජීය දේශපාලනික සංස් කෘතිකමය හා ආර් ථික මය සාධකත් මෙයට අඩු වැඩි වශයෙන් බලපාන බව පෙනේ. හුදෙක් තථ්‍ය මය මානව අවශ්‍යතාවයන්  අතථ්‍යමය  ආකාරයෙන් සන්තර්පනය සඳහ විභවයක් සමාජ මාධ්‍ය ජාලා මත ගොඩනැගී ඇත. මෙයට ඇබ්බැහි වූවන්ගේ මූලික තර්කයක් වන්නේ තමා සිටින භෞතික සමාජ හැසිරීම තුල නොලබුනා යැයි මනසින්  අපේක්ශිත නිදහසයි. නැතිනම් විවෘත බවයි. අවශේෂ සාධකයන් ලෙස හෝමන ක්‍රියාකාරිත්වය වැනි මානව ජීව වදයාත්මක හේතු ඉදිරිපත් කරයි. මේ සඳහා හොඳම ස්ථානය ලෙස නිශ්චය  වන්නේ ඉහත සාධක සියල්ලෙන් අවම බලපෑමක් එල්ලවන අතත්‍ය ලෝකයයි.