(මෙය ලක්බිම පුවත්පතේ පළවු මා විසින් රචිත කෙටිකතාවකි. 2015 වර්ශයේ දී ගොඩගේ ප්‍රකාශන ආයතනයෙන් පල කරන ලද ”පාහරයා” නම් කෙටි කතා සංග්‍රහයේ ද අඩංගුය.)
තමාව පළමුව හඳුනා ගන්නා මිනිසා ඉන් පසුව මුළු ලොවම හඳුනා ගන්නේය.
-සොක‍්‍රටීස්
අමුණුහතලන්ද දැං හඳුනා ගැනීමටත් නොහැකි වන ලෙසට මහ ගස් කපා දමා පාරවල් සැදෙයි. ප‍්‍රධාන පාර දෙපස මඩු වර්ගයේ ගස් පෙලකි. පාසල් ශාලාවක් වැනි මුත් වටේටම බිත්ති ඇති ගොඩනැගිල්ලක් දැනටමත් ඉදි වී ඇත. ඒ අවට ලන්ද සමතලා කොට දුහුවිලි පැහැ පොළවේ සිටුවා ඇත්තේ තණ කොල විශේෂයකි. එයට ජලය සැපයෙන්නේ භ‍්‍රමනය වෙමින් පවතින ජල විදිනයක් මගිනි. සමන්ත ඒ අසල වූ පුවරුවක් දැක නතර විය. ......කෘෂි අපනයන පීඨය. ප. ඌ . විශ්ව විද්‍යාලය..... යනුවෙන් එහි සඳහන්ය. එයට අමතරව දැනට වැඩ බොහෝ දුරට නිමවා ඇති මහල් හතරක ගොඩනැගිල්ලක් ද ඇසට පෙනෙන මානයේ ය. සමන්ත පිය එසවූවේ ඒ වෙතට ය. ගොඩනැගිල්ල පාළු ස්වභාවයක් ගත්තත් එය එසේ නොවන බව ආසන්න වීමේදී සමන්තට පැහැදිලි වන්නට විය. කඩිසරව ඒ මේ අත යන ගැහැණුන් සහ පිරිමින් සමන්තට දකින්න ලැබුනේය. ඔහු සහතික බෑගය එල්ලා ගෙන තිබූ අතේ ගැලවුන බොත්තම දමා ගත්තේය. ඒ මේ අත යන බහුතරය තම වයසේම අය බැවින් සමන්තට හීන් සතුටක් ද දැනුනේය. මේ බිමේ කිසියම් උරුමයක් තමන්ටත් ඇතයි මොහොතකට සමන්තට සිතුනේය. එම හැඟීමෙන්ම ඔහු මහල් ගොඩනැගිල්ලේ තරප්පු පෙල අසලට ගියේය. ඒ සමගම කඩිසරව පැමිණි තරුණියක්ද තරප්පු පෙලට පය තැබුවාය. ඇය චාම් මල් වැටුනු ගවුමක් ඇඳ සිටියාය.
” මිස් එක්ස්කියුස් මී.......” සමන්ත කථා කලාය. ඒ වන විටත් තරප්පු පෙලෙහි පඩි දෙකක් නැග සිටි ඇය එක්වරම නැවතී සමන්ත දෙස බැලූවාය.
ඇයගේ රත් පැහැ දෙතොලත්, උස් වු පපුවත්, පුළුල් උකුලත් වරින් වර ගවුම සහිතව සහ ඇත් දලයට හුරු ඡවි වර්ණය සහිතව දුටු සමන්ත මොහොතක් ගල් ගැසුනේය.
”උපකුලපති තුමා ඉන්නවද ?” සමන්ත එක්වරම ඇසුවේය.
” ඇයි ?” ඇය ද පෙරලා ඇසුවාය.”
”සම්මුඛ පරීක්ෂණයකට...... ”සමන්ත තමන්ට හැකි පැහැදිලිම ස්වරයෙන් කීවේය.
” වී සී අද නෑ.” ඇය නැවතත් තරප්පු පෙල නගින්නට පටන් ගත්තාය.
මොහොතක් නැවතී සිටි සමන්ත ද නිරායාසයෙන් තරප්පු පෙල නගින්නට පටන් ගත්තේය.
”මිස් එක්ස්කියුස් මී. කවුද දන්නේ නෑ හම්බ වෙන්න ඕන ?” සමන්ත යන ගමන්ම ඇසුවේය.
”ඔපීස් එකෙන් අහන්න.” කියමින් ඇය පඩිපෙල ඔස්සේ නොපෙනී ගියාය.
තරප්පු පෙලෙහි එම කොටස අවසන් කල සමන්ත වට පිට බැළුවේය. වීදුරු බිත්තිය තුලින් ඈතින් සුපුරුදූ කැන්දලියද්ද අපූරුවට පෙනේ. කුඩා කල සමන්ත සරුංගල් යවන්න යන්නේ එහිය. තනියම සරුංගලය හැදුවත් සරුංගල් යවන්නට සැලකිය යුතු කොළු නඩයක් ඒ පසුපස එති. අද උදෑසන මුරකුටියේදී හමු වූ සඳුන්ද වරදින්නේ නැත. මේ අවට තිබු රූස්ස ගස් නිසා මෙහි සරුංගල් යවන්නට නොහැකිය. එහෙත් තාත්තට හොරෙන් මී කඩන්නට කිහිප වරක් මෙහි ආ බව සමන්තට මතකය. සමන්ත අවට පරිසරයේ තවමත් ඉතිරිව ඇති සලකුණු හඳුනා ගැනීමට නිකමට උත්සහ කලේය.
එක් වරම ”සොරි සර්. ගුඞ් මෝනිං සර්......” කියමින් කාන්තාවක් තරප්පු පේළිය ඔස්සේ් කලබලයෙන් මතු විය. තරප්පු පෙළ පාමුලදී හමු වූ තරුණිය මෙන් ඇත් දල පැහැයක් නොමැති ඇය මැදි වියේ හෝ එයට ආසන්නයේ බව බැළූ බැල්මට පෙනුනි. ඇයගේ සාරියේ පාටද මුරකුටියේදී හමු වූ සඳුන්ගේ නිල ඇඳුමේ ලා ¥ඹුරු පාටමය. සාරි හැට්ටයද එම පාටය. සමන්තට ඇයගේ හැට්ට අතෙහි උරහිස දෙස බැලූනේය. ප.ඌ. විශ්ව විද්‍යාලය එහි මසා තිබිණි. ඊට අමතරව ඇය අතේ තෙත් වූ ප්ලාස්ටික් කෑම පෙට්ටියක්ද විය.
” සොරි සර්. තේ බොන්න ගියා සර්......”ඇය නැවතත් කීවාය. මෙම ගොඩනැගිල්ලේ ආරක්ෂක නිලධාරිනියක් වන ඇය උදේ ආහාරය නිමවා පැමිණෙමින් සිටින බව සමන්තට සැනෙකින් අවබෝධ විය. එහෙත් සමන්ත සම්මුඛ පරීක්ෂණයකට පැමිණයෙකු බව ඇයට අවබෝධ වූ බවක් නොපෙනුණි.
” මම බලන්නේ වී. සී. ඔපීස් එක. ” සමන්ත නැවතී කීවේය.
”තුන්වන තට්ටුවේ. දකුණු අත පැත්තට යන්න සර්.” ඇය ගෞරව පූර්වකව කීවාය.
සමන්තද හද පුරා නැගී සිනාවකින් ඇයට සංග‍්‍රහ කලේය.
සමන්ත දැං සිටින්නේ දෙවන තට්ටුවේය. ඔහු තුන්වන තට්ටුවට ආවේය. දකුණු පස දොරවල් වැසූ කාමර පේලියකි. සමන්ත මෙහොතක් නැවතී කාමර පේලිය දෙස බැලූවේ නිවරැදි කාමරය සොයාගන්නා ක‍්‍රමයක් ගැන සිතමිනි. එක් වරම මැද කාමරයක දොර ඇරුණි. සමන්ත වහාම එතැනට පැන ගත්තේය. සාරියක් හැඳගත් තරුණියක් එයින් එළියට ආවේ හදිසි ගමනක් යාමට ඇති ආකාරයෙනි. ඇය ඇඳ සිටි සාරියේ වූයේ කහ සහ කළු වර්ණයන්ගෙන් වූ මල් මෝස්තරයකි. හැට්ටය කහ පාටය. අත් නැත. සමන්ත වහ වහා ඇය ට කථා කලාය.
” මිස් එක්ස්කියුස් මී. වී. සී ඔපීස් එක ?”
තිගැස්සී නැවතුන ඇය සමන්තගේ හිසේ සිට පාදාන්තය තෙක් බැලූවාය.
” ඇයි ?”
” අද ඉන්ටර්වීව් එකක්.”
” මොකටද ?”
සමන්ත නිරුත්තරව සිනාසුනේය. ඇයගේ දෙතොල් පළල් බවත් ඒවා පැහැපත්, පිරුණු ඒවා බවත් සමන්ත සිතුවේය.
” කවුද එන්න කිව්වේ ?” ඒ ඇසිල්ලේ ඇය නැවත ඇසුවාය.
” උපකුලපති තුමා.” සමන්ත පිළිතුරු දුන්නේය.
” වී. සී. අද
නෑ. මොකක්ද නම ?”
එක් වරම දස දෙනෙකුගෙන් පමණ සමන්විත විවිධ වයස් මට්ටම් වලින් යුත් ගැහැණු පිරිමි පිරිසක් ශාලාවට ඇතුළු විය. සමන්ත සිනාමුසුව සිටින්නට උත්සහ කලේය. ඒ කිසිවෙක් සමන්ත ගැන තැකීමක් කලේ නැති බව ලෙන් වූවත් හෙඩ් සිටි කාමරයේදී හමුවු ආචාරශීලි තරුණය සමන්ත දෙස හොරහින් බැළුවේය. ඔවුහු තම තමන් කැමති අසුන් වල අසුන් ගති. එවිටම ලේඛන කිහිපයක් ගෙන හෙඞ් ද පැමිණියේය. ඔහු සමන්ත දෙස නොබලාම ශාලාවට ඇතුළු විය. එහෙත් තත්පර භාගයකට අඩු කාලයකදී සමන්ත හෙඞ්ව හඳුනා ගත්තේය. මේ ඔහුමය. මෙයට පෙර කිහිප අවස්ථාවකදීම සමන්තට හෙඞ් ව හමු වී ඇත. බොහෝ විට සමන්ත පෙනී සිටි නර්ථන ප‍්‍රසංගවල පේ‍්‍රක්ෂකයෙකු ලෙසය. කිහිප වරක් නර්ථන තරඟ වලදීය. නිතරම වගේ් විද්‍යුත් මාධ්‍යවලත් ඔහු පෙනී සිටින්නේය. නර්ථන තරඟ ජයග‍්‍රහන වේදිකා වලදීද සමන්ත හෙඞ් ව දුටුවේය. ඒ තරඟ ජයග‍්‍රාහකයෙකු ලෙසය. එහෙත් ඒ කිසි විටකදී ඔහුට සමන්තව අභිබවා යාමට නොහැකි විය. එසේ වුවත් කුමන හෝ හේතුවක් නිසා මේ දක්වා සමන්ත හා ඔහු අතර ලෙංගතු කමක් නම් ඇති වී නැත. තව දුරටත් එසේමය.
”එක්ස්කියුස් මී.......” සමන්ත ශාලාව දෙස බැලීය. ඒ වන විටත් ලා කොල පාට සාරියක් ඇඳ සිටි කාන්තාව ශාලාවෙන් පිට වෙමින් සිටියාය.
................නොහැකි වුනේ සරල රේඛීය චලිතය පිළිබඳ...........”
සමන්ත බිත්තියෙහි ඇති අඳින පුවරුවේ චලිතය දැක්වෙන ඊතලය ඇන්දේය.
...............හා චලනය පිළිබඳ............” චලිතය යන වචනය යටින් චලනය යන වචනය ලියා එය යටින් ඉරක් ද ගැසූ ඔහු තම දේශනය තවදුරටත් කරගෙන ගියේය. කිහිප විටක්ම සභාවෙන් ” එක්ස්කියුස් මී ” ඇසෙන්නට වූ අතර ඒ සමගම නැගෙන දොර ඇරෙන වැහෙන ශබ්දයද නෑසුනා සේ සමන්ත දිගටම තම කාර්යයේ නිරත විය.
මිනිත්තු දාසයකදී තම දේශනය හමාර කල සමන්ත ශාලාව දෙස බැලීය. සභාවේ සිටි සුළු පිරිස පුටු වලට තබා ගැට ගැසුවාක් මෙන් තම තමන් සිටි ඉරියව් වලම සිටියහ.
”මම කැමතියි මොකුත් ප‍්‍රශ්න එහෙම තියෙනව නම්...........” සභාවේ නිශ්ශබ්ද තාවය බිඳිමින් සමන්ත ඇසුවේය.
එහෙත් එය එහි සමවැදීම බිඳ දැමීමට සමත් වූයේ නැත. මිනිත්තු දෙකකට පමණ පසු පසුපස ආසනයක සිටි තරුණයෙක් අත එස වූයේය.
”මොකක්ද සිව්වන මානය කියන්නේ ?”
”ඒ ලබාගන්න පුළුවන් සංවේදනයක්......... එත් මී මැස්සට ඒ දේවල් සහජයෙන්ම ලැබිලා තියෙනවා......”
හෙඞ් නැගී සිටියේය. ඔහු සංඥා භාෂාවෙන් සභාවට යමක් කීය. සැනෙකින් සභාවේ සිටි සියළු දෙනා අලස ස්වභායෙන් ම සභාවෙන් පිටව ගියහ.
”එන්න සමන්ත.” හෙඩ් සමන්තට කථා කලේය.
”වාඩි වෙන්න.”සමන්ත ඔහු අසලම අසුන් ගත්තේය.
”මම ස්ටාප් එකෙත් කොමෙන්ට්ස් අරගෙන, මේ රිපෝර්ට් එක හදලා, වී. සී ආවම දෙන්නම්. වී. සී කියලා ගියා සමන්තගෙ ක්ලාස් රූම් හැන්ඞ්ලින් ඇන්ඞ් ඩිමොන්ස්ටේ‍්‍රෂන් බලන්න කියලා. සමන්ත දැක පුරුදු හෙඞ් කියාගෙන ගියේය.
”මේ දෙකෙන් තමයි මේකට ලකුණු ලැබෙන්නේ.” හෙඩ් සිනාසුනේය.
සමන්තද හිස වනා සිනාසුනේය. හෙඞ් සමන්ත ගෙ අයදුම් පත මේ මොහෙතේ ලැබුනාසේ මහත් උනන්දුවෙන් කියවන්නට විය. සමන්තත් ඒ දෙස බ සිටියේය. ලිපිනය, අලූත් ගෙදර වත්ත, ඇල්වීබැද්ද.............
නැවතත් හෙඞ් කථා කලේය.
”මොකද, සමන්තට ක්ලාස් එකක් එක්ක උපාධියක් නෑනේ.” ඔහු සහතික පිටපත් සහිත ලිපි ගොනුව එක අතකට ගත්තේය.
”මේවා එකක් වත් විශ්ව විද්‍යාල කොමිසම පිළිගන්නේ නෑ. මේ කිට්ටුව පාත නිසා තමයි, වී. සී එන්න කියන්න ඇත්තේ...........” හෙඩ් තව දුරටත් කීවේය.
ඒ තත්පර කිහිපය ගෙවී යන්නට වූයේ පැය ගණනක් ලෙසය’ සමන්තට තිබහක් දැනෙන්නට විය. හිතේ මැවුන ගලාගෙන යන දිය සීරාවක සීතල වතුර උගුරක් ගලනාලය ඉල්ලා සිටියේය.
”එක්ස්කියුස් මී ” වාසනාවකට මෙන් දුරකථන ඇමතුමකට පිළිතුරු දෙන්නට හෙඞ් නැගී සිටියේය. ඒ ඇසිල්ලෙහි සමන්ත තව දුරටත් මනසින් රූප මැවීමේ නිරත විය. දිය සීරාව දොලපාරකට හැරුනේය. ලෙන්චිනා එහි කිළුටු රෙදි සෝදමින් සිටින්නීය. ඔහු ජසයා මැව්වේ දිග කලිසමක් අන්දාය. විවිධ වර්ණයන් ගෙන් යුත් කමීස අන්දන්නට විය. හරි ගියේ නැත. රෝස පැහැ කමීසයක් ඔහුට මතකය. නමුත් මතකයේ හැටියට එය ඇඳ සිටියේ කෝලමක් නොව රූකඩයකි. ස්ථානය පැහැදිලි නැත. සමන්ත ජපානයේදිත් රූකඩ සංදර්ශනයක් නැරඹුවා මතකය. ජපානයට ගිය එක් අවස්ථාවකදි අකිහිතෝ කුමරු සමන්තගේ අත අල්ලා ගත්තේය. බල්ගේරියාවේදි ඇමති වරයෙක් සමග රාත‍්‍රි ආහාර ගත්තේය. ඉන්දියවේ විශ්ව විද්‍යාල සිසුන් මල් මාලයක් පැලඳ විය. ඒ එකක් වත් උපාධියට සමකල නොහැකි බව සිහියට ආවේ දුරකථන ඇමතුමෙන් පසු හෙඞ් නැවතත් සමන්ත අසල අසුන් ගන්නා විටය.
සමන්තට එක් වරම යමක් මතක් විය. ඒ චීන රජයෙන් පැවත් වූ තරගයකින් ජයගෙන ලැබු ඩිප්ලෝමවකි.
”එක්ස්කියුස් මී සර්, මේ......... ” සමන්ත සහතික බෑගයෙන් ලැමිනේටින් කර තිබූ ඩිප්ලෝමා සහතිකය ගෙන එය හෙඞ් වෙත පෑවේය.
හෙඩ් මහත් උනන්දුවෙන් ඒ දෙස බැලීය. හිස එස වූ ඔහු, ” මේක ඩිප්ලෝමාවක්නෙ. මේ තනතුරට අපිට අවම වශයෙන් ඕන ගෞරව උපාධියක්....... අනිත් එක ඇකඩමික් රෙකමෙන්ඬේෂන්..........”
”බොහොම ස්තුතියි සර්.........”
සමන්ත ඩිප්ලෝමා සහතිකය නැවත වරක් බෑගයට දමා ගත්තේය.
”බොහොම ස්තුතියි ආවට.” හෙඞ් කීවේය.
සමන්ත ගොඩනැගිල්ලෙන් එළියට ආවේය. දුහුවිලි සුවඳ නාසය පුරවාලීය. ඔහු පාර සොයා ගැනීමට වට පිට බැලූවේය.
”අර අගලෙගෙදර සඳුන් දැං වැඩ කරන්නෙත් විශ්ව විද්‍යාලේ......” උදේ අම්මා කී බව නැවතත් සමන්තට මතක් විය.
No comments:
Post a Comment