ළමයින් සඳහා වූ රංග කලාව


    කෙසේ වුවත් නාට්‍යකාරයෙක් හැටියට එදා මෙදා තුර ඔබ උපයාගත්  ඔබගේ කොළු කාලේ අත්දැකීම් වලින් නම් කෙසේවත් මිදෙන්න බැරි වුනා. කොහොම හරි, අර දවස්, ඒ කියන්නේ ඔබ සංවර්ධනය වූ දවස්, එනම් චරිතයට ප‍්‍රවේශ වීම, නිර්මාණාත්මක පරිකල්පනය, ජීවිතාබෝධය, අවධාන කව ඇති කරගැනීම, උචිත ශාරීිරික කි‍්‍රයාකාරිත්වයන් නිර්මාණය කිරීම, විවිධ රූපන අවස්ථා ගොඩ නැගීම, රූපනයට රිද්මයානුකුල වීම, සිත අරමුණුගතකර ගැනීම, හුදකලාවීම ආදී ලෙස වු රූපන විධි ක‍්‍රමයන්ට අදාල අවබෝධය තිබුනේ පෙර උපයාගත් අත්දැකීම් තුල. ඔබ, ඔබ වෙතින් වේදිකාවට ඒ්මේ ද්විධාංගකරණ ක‍්‍රියාවලියට මුල් වුනේ ඒ අත්දැකීම්.  සැබැවින්ම සාර්ථකම නාට්‍යකරුවා බිහි වූයේ දැන් සිටින්නා වූ ඔබ තුලින්ද, කොළු කාලේ ඔබ තුල සිටි නාට්‍ය කරුවා තුලින්ද යන්න මේ අධ්‍යයනයෙන් පසු නිරාකරණය කරගන්න ඔබටම හැකි වේවි.


ළමා නාට්‍ය කියන්නේ මොනවාද?


     පියවි සිහියකින් යුතූව ඇවිදින  ඕනෑම කෙනෙකුට, ලෝකේ  ඕනෑම තැනකදි, ළමුන් හමුවෙනවා. මෙහිදී කියන්න  ඕනෑම දෙයක් තමයි,   ඕනෑම තත්වයක් යටතේ වුවත් ඔවුන් ළමයිම බව. එහෙම කියන්නේ, ඔවුන් තුල ඇති නිසැක ලක්ෂණ නිසා. ඒ තමයි හැකියාව, හා නිර්මාණශීලිත්වය. මෙය නොමැති ළමුන් ලෝකයේ හොයා ගන්නට ලැබෙන්නේ නෑ. කෙසේ වුවත් මේ ලක්ෂණ ඔපවත් වන්නේ තවත් සාධක රාශියක් නිසා.

එ් සාධක වන්නේ
x ඉවසීම
x අවබෝධය
x සතුට
x නිදහස
x නිරීක්ෂණය
x නිහතමානිබව

මේවා උපදින්නේත්, පෝෂණය වන්නේත් දෙමාපිය ගුරුවරුන්ගේ නිසි මග පෙන්වීමෙන්ම පමණයි.
අනිවාර්යයෙන්ම ළමා නාට්‍ය යනුවෙන් හැඳින්විය හැක්කේ  සුවිශේෂ කලාත්මක භාවිතාවයකට. එහි අන්තර්ගත අපේක්ෂා අරමුණු බොහෝයි. ළමා නාට්‍ය අරමුණු ගත කල හැකිවාක් මෙන්ම පුද්ගල හා සමාජ සංවර්ධන කාර්යයේලා කාරක කරගත හැකියි. එහි මූලිකම බර තියෙන්නේ නාට්‍ය හා රංග කලාව ශික්ෂණය කරවන ගුරුවරයා මත. අවශේෂ සාධක ඊට දෙවනි වෙනවා. ගුරුවරයෙකුට මෙය ඉතාමත් ආශ්වාදජනක කටයුත්තක් බව නම් නිසැකයි. ළමයින් සඳහා වූ නාට්‍යකරනය මගින් ගුරුවරයාට ළමයා යනු කවරෙක්ද යන්නත්, විශේෂයෙන්ම ගුරුවරයෙකු වශයෙන් ජීවිතයට ඒ ආශ්වාදය ලබාගන්නේ කොහෙන්ද යන්නත්, පැවසනවා. එසේම ගුරුවරයාට සංවේදි හා මිත‍්‍රශීලි පුද්ගලයෙක් වීමට මග පෙන්වනවා. මේ තුලින් මනස හා පෞර්ෂත්වය උසස් කර ගැනීමටත් උපකාරි වෙනවා.

මේ සියල්ල  ලබාගන්නේ කොහොමද? ළමා නාට්‍ය සැලකීමේදී  මූලික වශයෙන්ම නාට්‍ය ආකාර දෙකක් මෙහිදී අපට හමුවෙනවා. ඒවා මෙසේයි,

1. වැඩිහිටියන් විසින් ළමුන් උදෙසා රඟ දක්වන ප‍්‍රකට නාට්‍ය.
2. ළමුන් විසින්ම රඟ දක්වන අරමුණූගත නාට්‍ය.

මෙහිදි අපේ අවධානය යොමුවන්නේ ඉහත දෙවැනි කාන්ඩයේ නාට්‍ය වලට. ඒවායේ සක‍්‍රියතාවය ඇත්තේ ළමුන් තුළමයි.

මේ ආකාරයේ නාට්‍ය තුලදී  අවස්ථා හා චරිත නිරූපනයට ළමුන්ටම ඉඩ සැලසීමෙන්,  ළමයා තුල සැලකිය යුතු වර්ධනයක් ඇති වන බව පෙනී ගොස් ඇති  අතර, එම වර්ධනාත්මක අන්තර්ගතය මෙසේ දක්වන්න පුළුවන්.

x භෞතික හා මානසික පාලනයක් ඇති වීම.
x විශ්වාසයක් ඇති වීම.
x නිරීක්ෂණ හැකියාවක් ඇති වීම.
x අන් මත ඉවසීමේ හා ගරුකිරීමේ හැකියාවක් ඇති වීම.

සැබවින්ම මෙය ළමයාගේ මනසේ මතුවන ගවේශනයේ හා අභිපේ‍්‍රරණයේ ප‍්‍රබෝධයක් ඇති වීමට හේතු කාරක වන මුල්ම ගිනි පුපුරද වෙනවා.

No comments: