රංගන චිකිත්සාව නම් වූ මේ අධ්‍යයනයේ අරමුණ කුමක්ද?


සැබැවින්ම උපකාරක හෝ ප‍්‍රතිකාරක මාධ්‍යයක් ලෙස නාට්‍යකරනය පවතින්නේද? එසේ පැවතීමේ ශාක්‍යතවය කුමක්ද? මේ පිළිබඳව සැලකිලිමත් වීමට හා හැදෑරීමට වඩාත් උචිත වන්නේත් වැදගත් වන්නේත් අධ්‍යාපන ක්‍ෂේත‍්‍රයමයි. නාට්‍යවේදීන්, ගුරුවරුන්, අධ්‍යාපනවේදීන් මැදිහත්වීමෙන් මේ සම්බන්ධව සෙවීම අත්‍යවශ්‍ය කරුණක්. මෙහිදී අවධාරණය කල යුත්තේ රංග කලාව හා චිකිත්සනය යොදාගැනීම මිසක්, චිකිත්සක නාට්‍ය ගැන නම් නොවිය යුතුයි. මේ අදහස් ද්වයේ වෙනස පරීක්ෂණ මගින් පැහැදිලි කරලා තියෙනවා. වැදගත්මදේ නම් චිකිත්සක මාධ්‍යයක් ලෙස රංග හා නාට්‍යකලාව තුලින් අරමුණුගත අධ්‍යාපන අභිමථාර්තයන් කෙතරම් දුරට සාක්ෂාත් කරන්නේද  යන්නත්,  උපකාරක මාධ්‍යයක් ලෙස ඇති යෝග්‍යතාවය පිරික්සීමත් වෙනවා. අධ්‍යාපන ක්‍ෂේත‍්‍රය තුල රංගකලා මාධ්‍යයය නිර්මලයි. පාරිශුද්ධයි. පවිත‍්‍රයි. විවිධ යෙදවුම් හා භාවිතයන්ට අවස්ථාව ලබාදෙයි. කෙසේ වුවත් අධ්‍යාපන ක්‍ෂේත‍්‍රයේ නාට්‍ය පර්යේක්‍ෂණ කරන කොල්ටායි ආයතනයට අනුව, සාර්ථක අධ්‍යාපනවේදියෙකුට කිසියම් වූ චිකිත්සක ක‍්‍රමවේදයක නිපුණත්වය තිබීම අත්‍යවශ්‍ය වෙනවා. එ් අවශ්‍ය වෙලාවකට උපයෝගි කර ගැනීමට. මෙයින් කියවෙන්නේ රංගකලාව හා චිකිත්සනය සාර්ථක ලෙස එකිනෙකට පිවිසුම් ලෙස යොදාගත හැකි බව නොවේද?

සංවර්ධනාත්මක නාට්‍ය ශබ්දකෝශයට අනුව නාට්‍යමය ප‍්‍රතිකාරකය අර්ථ දැක්වෙන්නේ මෙහෙම. 

  • භෞතිකමය මනෝවිද්‍යාත්මකමය අධ්‍යාපනයේ පිහිටුවීම.......

  මෙහි එන අධ්‍යාපනයේ පිහිටුවීම යන්න, කිසියම් නොපැහදිලි බවකින් යුක්තයි. නාට්‍යමය චිකිත්සනය වඩාත් සවිස්තර ලෙස අර්ථ දක්වන ඩේවිඩ් රීඩ් ජොන්සන්, චිකිත්සන අරමුන මූලික වන අතර ක‍්‍රියාත්මක වීමේ දී ඇතිවන සිදුවීමක් නොවන බවද අවධාරනය කරනවා.

  • නාට්‍යමය චිකිත්සනය යනු, නිර්මාණාත්මක නාට්‍ය හා නාට්‍යමය නිරූපනයන් ගේ වචන රහිතව හා සංඥා මාධ්‍ය ඇසුරු කොටගත් චිකිත්සනයන් රාශියකගේ එළඹුමක්.

බි‍්‍රතාන්‍ය රංගකලා චිකිත්සන සංගමයේ අදහස මෙහෙම.

  • රංග චිකිත්සනය යන්නෙන් අදහස් වන්නේ, මිනිසා ගේ පුද්ගල හා සමූහ සන්නිවේදනයට වචන හා භෞතිකමය සංනිවේදනයද ඇතුලත් වූ නිර්මාණාත්මක ආකෘතියක් තුලින් සංඥාමය අදහස් දැක්වීමකට අවස්ථාව සැලසීමත්, එමගින් සමාජවිද්‍යාත්මක හා මනෝවිද්‍යාත්මක ගැටළු සහගත තත්වයන් හා මානසික ව්‍යාකූලතාවයන්  අඩුකරලීමට උපකාරි වීමත් ය.

1954 දි පීටර් ස්ලේඩ් විසින් රංගකලා චිකිත්සනය යන අදහස එනම්, අධ්‍යාපනයේ නාට්‍යමය ක‍්‍රියාන්විතය, අර්ථ දැක්වීමට මූලික කොට ගන්නේ විශ්වාසය, බලාපොරොත්තුව, ආරක්ෂාව පිළිබඳ හැඟීම මෙන්ම සැකයෙන් හා අවිනිශ්චිතබවෙන් මිදීම, එමගින් නිරූපිත වන ආකාරය දැක්වීමෙනුයි.

ලැන්ඩි (1986)  ට අනුව චිත‍්‍රමය රංග කලාව මෙන්ම අධ්‍යාපන රංග කලාවද  වේදිකා නාට්‍යයේ  අනුකුලකයන් පමණයි.  එහෙත් නාට්‍ය චිකිත්සනය ඊටම ආවේනික විෂයය ලක්ෂණයන්ගෙන් යුතු වන අතර, අධ්‍යාපන රංග කලාව මෙන්ම වේදිකා නාට්‍යයද  නාට්‍යමය චිකිත්සනයේ පරිබාහිර මූලාශ‍්‍රයන්  වෙනවා. කර්ට්නි (1982) ගේ පර්යේක්‍ෂණ වලට අනුව රංගනය මානව පැවත්මේ කේන්ද්‍රීය ක‍්‍රියාවලියක්. එය අධ්‍යාපනයට පමණක් නොවෙයි, ක‍්‍රීඩාවට, වැඩපල කිරීමට, චින්තනයට මෙන්ම ආවේගයන්ටත් සම්බන්ධයි.  
නාට්‍ය චිකිත්සනය පිළිබඳ වු ජාතික සංගමයේ අර්ථ දැක්වීමක් උපුටා දක්වන ලැන්ඩි, 

  • නාට්‍ය චිකිත්සනය යනු,   ඕනෑකමින්ම රංගනය හා වේදිකාව යොදාගැනීමෙන් වේදනා සමනය භෞතික හා චිත්ත ඒකාග‍්‍රතාව හා පෞර්ෂ වර්ධනය යන අවස්ථා වලට ලඟා වීමක් 

ලෙස දක්වනවා.

ලැන්ඩි ප‍්‍රකාශ කල වඩාත් වැදගත්මදේ නම්, නාට්‍ය චිකිත්සනයේ අරමුණගත වන්නේ අධ්‍යාපනයට හා විනෝදාස්වාදයට සමාන ලෙසම, මානසික චිකිත්සක ක‍්‍රමයක් ලෙසද සංජාණනය වන දෙයක්, බවයි. 
මේ අනුව චිකිත්සනය හෝ ප‍්‍රතිකාරකය යන වෛද්‍ය විද්‍යාත්මක අර්ථය අනුව භාවිතයෙන්ම නිවරැදි ගුණාංග අවබෝධ කරගැනීමට අපහසුයි. වොරන් (1990) ට අනුව නාට්‍ය හා රංග කලාවද ඇතුළු සකල කලා මාධ්‍ය පිළිබඳ වඩාත් පිළිගත හැක නිර්වචනයක් මෙසේ දක්වන්න පුළුවන්.  

  • රීතියක් වශයෙන් සකල කලාවම මිනිසාගේ ධනාත්මක සංකල්පයකින් ස්වයං වර්ධනයටත් යහපත් පැවත්මටත් හේතු වෙනවා. ඒ පිළිබඳ නම් විවාදයක් නෑ. එසේම එය චිකිත්සන මාධ්‍යයක් ලෙසද යොදා ගත හැක්කක් බවත් සත්‍යයක්. කලාවෙන් ඉටුකර ගත හැකි අරමුණු අතරට අධ්‍යාපනය, ප‍්‍රතිසංවිධානය හා යහපත් ජීවන පැවත්මද අයත් වෙනවා. යහපත් ජීවන පැවත්ම යන්න, අධ්‍යාත්මික මෙන්ම භෞතිකමය සාධක මත ගොඩ නැගුනක්. මේ අරමුණ සාක්ෂාත් කරගැනීමට කලාව උපයෝගී කරගැනීමේ දී කලාව මගින් හුදෙක් සෞඛ්‍ය නගා සිටුවීම අරමුණු කරගන්නවාද, එහෙම නැතිනම් කලාවෙන් ඉටු විය යුතු අනෙකුත් සාධනීය තත්වයන් මොනවාද, යන්න කලා චිකිත්සනය හා සෞඛ්‍ය සඳහා කලාව අතර කිසියම් පරතරයක් ඇති කරලා.

 1987 දි මොස් විසින් පෙන්වාදෙන ලද කලා චිකිත්සන හා සෞඛ්‍ය සඳහා කලාව අතර පරතරය, වොරන් විසින් මෙසේ පුරවන්නට යෙදුනා. ඇය යෝජනා කරන පරිදි චිකිත්සනය යොමු විය යුත්තේ, 

  • මානසික හා අධ්‍යාත්මික මට්ටම් වල අදාල තත්වයන් වඩාත් හොඳ තත්වයට පත් කිරීමට අරමූණු ගතව


 බවයි. නිරෝගී මනසක් සඳහා අවශ්‍යතාවය විය යුත්තේ ක‍්‍රියාත්මකවන්නා විසින් චිකිත්සකයා හා අධ්‍යාපනඥයා අතර ඇති පරතරය අවම වනසේ කටයුතු කිරීම බව ඇය තවදුරටත් දක්වනවා.  

එසේ කිරීම පහසු කටයුත්තක් නෙවෙයි. උභතෝකොටික ප‍්‍රශ්නය මතුවන්නේ සත්‍ය ලෙසම නිශේධනාත්මක ආකල්පයෙන් යුතු වූ අධ්‍යාපන පිහටුවීම් තුල චිකිත්සනය භාවිතයට ගැනීමේදී. පන්තිකාමරයේ දී නාට්‍ය චිකිත්සනය පිළිබඳ සම්ප‍්‍රදායික නාට්‍ය ගුරුවරුන් සැකමුසු ලෙස බලන බව පෙනෙනවා. මේ අනුව චිකිත්සනයක් ලෙස රංග කලාව අතීතයේදීත්, වර්ථමානයේදීත් කිසියම් අවිනිශ්චිත තත්වයකට ලක් වුනා. මේ සමගාමිවම ඇති වුන නාට්‍ය ”චිකිත්සන භීතිකාව”ට උදාහරණ අපට දක්වන්න පුළුවන්. 

සමාජය විසින් සිවිල් නිර්ණායක උපයෝගි කරගෙන නාට්‍ය හා රංගකලාවේ විශාරදයන් හා විශාරදයන් නොවන ලෙස නිරතවන්නන් කොටස් දෙකකට බෙදනවා. ඊට පස්සේ වෘත්තීයමය වේදිිකාව සමග මතුපිට සංසන්දනයක් කරනවා. මෙයින් ලැබෙන නිරීක්ෂණය තමයි ”අහවලාට රඟපාන්න බෑ.” යන්න ඉස්මතු වීම. මෙය නවතින්නේ ”මට රඟපාන්න බෑ.” යන මතයේ. අවසාන ප‍්‍රතිඵලය වන්නේ සාමාන්‍ය විශාරදයන් නොවන අයට රඟපෑමට නොහැකිය යන්න. 

සැබැවින්ම මේ අවකාශය තුල කලා ගුරුවරු හා කලා චිකිත්සකයන් අතර ඉරකින් වෙන් කල හැකි වෙනසක් දකිනවා. එයට හේතු වන්නේ අවසාන ඉලක්කය සාක්ෂාත් කර ගැනීමට දෙඅංශයම එකිනෙකට ප‍්‍රතිවිරුද්ධ අරමුණු ගත නිශ්චිත දක්ෂතා වලින් යුතු වීම. කෙසේ වුවත් කලාකරුවෙක් වශයෙන් වෛද්‍යමය ප‍්‍රථිකාර වලට යාම නම් ලේසි පහසු දෙයක් නෙවෙයි. ඒත් සැබැවින්ම අනවශ්‍ය බිය, පසුගාමි බව  ඕනෑම ෙක්‍ෂ්ත‍්‍රයක ප‍්‍රගතියට හානිකරයි.

මේ අනුව නාට්‍ය ප‍්‍රතිකාරක මාධ්‍යයක් හැටියට සංවර්ධනය වීමේදි වෛද්‍ය භෞතචිකිත්සක ක‍්‍රමයෙන් වෙනස් අනන්‍යතාවයක් තිබිය යුතුය. තවද මෙය වගකීමකින් යුතුව එනම් උපයෝගීමය යාතුකර්ම පූජනීය අවස්ථා වලදී මෙන්ම සංස්කෘතිකමය වටිනාකම්  රැකෙන පරිදිද යොදා ගත යුතුය. 

මේ සඳහා වන න්‍යායයන් පද්ධතියක් ගොඩ නැගීමේ භාරධූර කාර්යයේදි හඳුනාගත් සීමාවන් දෙකක් ඇතුලේ තමයි කටයුතු කරන්න වෙන්නේ. ඒවා නම්, 
  • ක‍්‍රමවේදය මාති‍්‍රක වන අතර ක්‍ෂේත‍්‍රයෙන් පරිබාහිර  කරුණු කෙරෙහි ද අවධානය යොමු කිරීමට වීම.
  • නවතම ක්‍ෂේත‍්‍රයක් වීම.
මේ අනුව පර්යෙක්ෂණයේදී අවධානයට ලක්විය යුත්තේ,
  • වටිනාකම හා තක්සේරුව අතර වෙනස වටහා ගැනීම.
  • නිර්මණාත්මක කලාව ප‍්‍රතිකර්මයක් ලෙස ගෙනෙන මානය, කථා කල යුතු මූලික දෙය ලෙස ගැනීම.
  • ප‍්‍රතිකාරක අන්තර්ගතයට පමණක් නිර්මාණාත්මක කලාව යොමුවනසේ පර්යේක්ෂණ ක‍්‍රමවේදය සංවර්ධනය කිරීම.
  • ඉහත අනුමතයන්ට යටත්ව සුදුසු ක‍්‍රමවේදයක් සුදුසු ආකෘතියක් තුල වර්ධනය කිරීමෙන් පහත අරමුණු සපුරා ගත හැකිය.
  • අධ්‍යාපන ෙක්‍ෂ්ත‍්‍රයේ නාට්‍ය මාධ්‍ය උපකාරක මෙවලමක් කරගන්නා ආකාරය පෙන්වීම.
  • නාට්‍ය ප‍්‍රතිකාරක තාක්ෂණය, නිශ්චිත ඉගැන්වීමේ හා ඉගෙනීමේ පිහිටුවීම් සඳහා යොදා ගැනීමට හැකි ආකාරය දැක්වීම.
  • ගුරුවරුන්ගේ හා සිසුන්ගේ නාට්‍ය ප‍්‍රතිකාරක ප‍්‍රායෝගික ක‍්‍රියාකාරකම්වල සංජාණන ස්වරූප හඳුනා ගැනීම.
  • ප‍්‍රතිකාරක කාර්යයේදි උදව්කරන්නන් වශයෙන් ගුරුවරුන් ගේ වටිනාකම අවබෝධ කර ගැනීම.
  • ඍජු භාවිත හා නිරූපනයන් මගින් නාට්‍ය ප‍්‍රතිකාරක කාර්යය සාක්ෂාත් කරගැනීම.




No comments: