Friday

බ්ලොගයක සිටියෙමි.

 (මෙහි අන්තර්ගත වන්නේ දැනට ඔස්ට්‍රේලියාවේ ඇඩිලේඩ් විශ්ව විද්‍යාලයේ සේවය කරන විශේසඥ වෛද්‍ය කීර්ති කුලසේකර ගේ හෙල්මලු( http://helmalu.blogspot.com/2016/07/blog-post_29.html ) නම් බ්ලොගයේ පලවු ලිපියකි. ඔහු විසින්ම මෙය මා වෙතද යොමු කර තිබුනි. විදුසර පුවත්පතේ හිටපු විද්‍යා ලේඛක මහාචාර්ය, ස්නායු ශල්‍ය වෛද්‍ය විශේසඥ තිස්ස විජේරත්න කීර්තිගේ දෙටු හොයුරාය. මා වෛද්‍ය තිස්ස කාලයක්ම දැන හඳුනාගෙන සිටියත් කෑගල්ලේ දි  කීර්ති හඳුනාගත්තේ අපූරු ආකාරයකටය. ඒ් බව කීර්ති විසින් ඔහුගේ බ්ලොගයේ මෙසේ අකුරු බවට පත් කොට ඇත.)

අවේලාවේ හමුවූ හිතවතා.





පේරාදෙණි තැපැල් කාර්යාලයෙන්  මගේ අයැදුම් පත EMS කර දිනකිහිපයක් ගෙවී ගියේය.

මේ කියන දවසේ මම  මාවනැල්ලේ නිවසට වී  සිටියෙමි.

 සාමාන්‍යයෙන්  මම ඉන්ටර්නෙට් බලන්නේ SLT ඉන්ටෙර්නෙට්ර් කාඩ්  එකකින් මගේ  පරිගණකය  සම්බන්ධ  කරගෙනයි.

එදත්ඊ එලෙස ඉන්ටනෙට් ගිය මම  මගේ ඊ  මේල් බැලුවේ ටිනාට මගේ අයදුම්පත ලැබී ඇද්දැයි බලන්නටයි.

  ඒ වනවිට මගේ මහාචාර්ය තුමිය ටීනා ගෙන් මට ඊ මේල් එකක් ලැබි තිබිණි.

"කවිඳු ඉක්මනට  ඇප්ලිකේෂන්  එක එවන්න . තව දවස් දෙකයි ක්ලොසින් ඩේට් එකට තියෙන්නේ"

එහි සඳහන් වී තිබිණි.

Tuesday

වරණය

(මෙය ලක්බිම පුවත්පතේ පළවු මා විසින් රචිත කෙටිකතාවකි. 2015 වර්ශයේ දී ගොඩගේ ප්‍රකාශන ආයතනයෙන් පල කරන ලද පාහරයා නම් කෙටි කතා සංග්‍රහයේ ද අඩංගුය.)

තමාව පළමුව හඳුනා ගන්නා මිනිසා ඉන් පසුව මුළු ලොවම හඳුනා ගන්නේය.

-සොක‍්‍රටීස්

 

 

අමුණුහතලන්ද දැං හඳුනා ගැනීමටත් නොහැකි වන ලෙසට මහ ගස් කපා දමා පාරවල් සැදෙයි. ප‍්‍රධාන පාර දෙපස මඩු වර්ගයේ ගස් පෙලකි. පාසල් ශාලාවක් වැනි මුත් වටේටම බිත්ති ඇති ගොඩනැගිල්ලක් දැනටමත් ඉදි වී ඇත. ඒ අවට ලන්ද සමතලා කොට දුහුවිලි පැහැ පොළවේ සිටුවා ඇත්තේ තණ කොල විශේෂයකි. එයට ජලය සැපයෙන්නේ භ‍්‍රමනය වෙමින් පවතින ජල විදිනයක් මගිනි. සමන්ත ඒ අසල වූ පුවරුවක් දැක නතර විය. ......කෘෂි අපනයන පීඨය. ප. ඌ . විශ්ව විද්‍යාලය..... යනුවෙන් එහි සඳහන්ය. එයට අමතරව දැනට වැඩ බොහෝ දුරට නිමවා ඇති මහල් හතරක ගොඩනැගිල්ලක් ද ඇසට පෙනෙන මානයේ ය. සමන්ත පිය එසවූවේ ඒ වෙතට ය. ගොඩනැගිල්ල පාළු ස්වභාවයක් ගත්තත් එය එසේ නොවන බව ආසන්න වීමේදී සමන්තට පැහැදිලි වන්නට විය. කඩිසරව ඒ මේ අත යන ගැහැණුන් සහ  පිරිමින් සමන්තට දකින්න ලැබුනේය. ඔහු සහතික බෑගය එල්ලා ගෙන තිබූ අතේ ගැලවුන බොත්තම දමා ගත්තේය. ඒ මේ අත යන බහුතරය තම වයසේම අය බැවින් සමන්තට හීන් සතුටක් ද දැනුනේය. මේ බිමේ කිසියම් උරුමයක් තමන්ටත් ඇතයි මොහොතකට සමන්තට සිතුනේය. එම හැඟීමෙන්ම ඔහු මහල් ගොඩනැගිල්ලේ තරප්පු පෙල අසලට ගියේය. ඒ සමගම කඩිසරව පැමිණි තරුණියක්ද තරප්පු පෙලට පය තැබුවාය. ඇය චාම් මල් වැටුනු ගවුමක් ඇඳ සිටියාය.

මිස් එක්ස්කියුස් මී....... සමන්ත කථා කලාය. ඒ වන විටත් තරප්පු පෙලෙහි පඩි දෙකක් නැග සිටි ඇය එක්වරම නැවතී සමන්ත දෙස බැලූවාය.